ඊයේ (06) දිනයේදී ලෝකයේ ප්‍රදේශ කිහිපයකින් ප්‍රබල භූ කම්පන කිහිපයක් වාර්තා වී තිබෙනවා.
පැසිෆික් සාගරයේ ෆීජි දිවයිනට ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 7 යි දශම 8 ක භූ කම්පනයක් සිදුවූ අතර, එය මුහුදු පත්ලේ සැතපුම් 377 ක් පමණ ගැඹුරින් සිදුවීම නිසා ගොඩබිම ප්‍රබල හානියක් සිදුවී නැහැ.
එමෙන්ම, ඒ නිසා සුනාමි අවදානමක් නිකුත් නොකළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඊට අමතරව, දකුණු ඇමරිකානු ඉක්වදෝර් රාජ්‍යයේ රික්ටර් පරිමාණයේ 6 යි දශම 3 ක භූ කම්පනයක් සිදුවූ අතර, එහිදී කුයිටෝ අගනුවර ගොඩනැගිලි සසල වූ බව සඳහන්.
එමෙන්ම, ජපානයේ – හොකයිඩෝ දිවයිනට ඊයේ බලපෑ රික්ටර් පරිමාණයේ 6 යි දශම 6 ක ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් 26 දෙනෙකු අතුරුදන්වී ඇති අතර, නිවාස පනස් තුන් ලක්ෂයකට තවදුරටත් විදුලිය ඇණ හිට ඇති බව සඳහන්.