Gossips

ලොව දෙවන විශාලතම ගුවන්යානයක් මත්තලට (ඡායාරූප)

ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනොව් AN 124 යානයක් අද දහවල් මත්තල ගුවන්තොටුපලට ගොඩබස්වා තිබෙනවා.
සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන්තොටුපලේ සිට ඉන්දුනීසියාව දක්වා ගමන් කරමින් සිටින අතරතුරයි දහවල් 12.20 ට මෙම යානය මත්තලට පැමිණ තිබුනේ.
19 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයේ විවේකය සඳහා මෙන්ම ඉන්ධන ලබා ගැනීම සඳහා ඇන්ටනෝව් යානය පැමිණ ඇතැයි සඳහන්.
හෙට අලුයම 3.30 ට ඇන්ටනොව් AN 124 යානය යළිත් ඉන්දුනීසියාව බලා ගමන් කිරීමට නියමිතයි.
මේ අතර පසුගිය 15 වනදා කේරළ ප්‍රාන්තයේ සිට විදේශිකයන් 56 දෙනෙකු රැගෙන මත්තලට ගොඩබස්වා ඇති AF 0899 යානය ද හෙට උදෑසන 9 ට පමණ මස්කට් දක්වා ගමන් කිරීමට නියමිතව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



ඡායාරූප – හම්බන්තොට රාහුල් සමන්ත