Gossips

ලොව අවසන් සුදු රයිනෝසිරස් පිරිමි සත්වයා මරුට

ලොව ජීවත්වූ අවසන් සුදු රයිනෝසිරස් පිරිමි සත්වයා මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ කෙන්යාවේ ඔල්පෙජෙටා සංරක්ෂණ කලාපයේ ජීවත්වූ මෙම සත්වයා මාස කිහිපයක් රෝගී තත්ත්වයකින් පසුවී ඇති බවයි.
වයස අවුරුදු 45ක් පමණ වන මෙම රයිනෝසිරස් සත්වයා සුඩාන් ලෙස හැඳින්වෙනවා.
සුදු පැහැති තවත් රයිනොසිරස් සත්වයන් දෙදෙනෙකු අදාළ සංරක්ෂණ කලාපයේ සිටින අතර, ඔවුන් ගැහැණු සතුන් වන බව සඳහන්.