Gossips

ලොවම වසඟයට ගත් සරාගී දෙනෙත් වලට ප්‍රියංකාගේ සැමියා නික් යටවෙයි

ලොවම වසඟයට ගත් සරාගී දෙනෙත් වලට ප්‍රියංකාගේ සැමියා නික් යටවෙයි "
පසුගිය වසර තුළ ඉන්දීය සිනමා ලෝකය තුළ බොහෝ දෙනා අතර සුවිශේෂ කතාබහට ලක්වූ චරිත කිහිපයක් පිළිබඳව ලෝකයේම අවධානය යොමුවූවා.
මේ අතර ගූගල් හි බොහෝ දෙනෙකු සෙවූ චරිතය පිළිබඳව මේ වනවිට ගූගල් ආයතනය හෙළිදරව් කර තිබෙනවා.
ඒ අනුව පසුගිය වසරේ වැඩිම පිරිසක් සෙවූ චරිතය වන්නේ ප්‍රියා ප්‍රකාශ් වර්මා යි.
ඇය Oru Addar Love චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ අතර එහිදී ඇස් ගසා සිදුකරන ඉඟියක් දැක්වෙන වීඩියෝවකින් එක රැයකින් ලොවපුරා ජනප්‍රිය වූවා.
තවමත් 19 හැවිරිදි වියේ පසුවන ඇය උසස් අධ්‍යාපනය හදාරමින් සිටිනවා.
එම ගූගල් සෙවුම් හි දෙවන ස්ථානයේ පසුවන්නේ ප්‍රියංකාගේ සැමියා වන ඇමෙරිකානු පොප් ගායක නික් ජෝනාස්.
තෙවැනි ස්ථානය සප්නා චෞද්‍රිහටත් සිව්වැනි ස්ථානය ප්‍රියංකා චොප්රා සහ පස් වැනි ස්ථානය සෝනම් කපූර්ගේ සැමියා ආනන්ද් අහූජාහට හිමිව තිබෙනවා.