Gossips

ලොවම මිහිකත හෝරාව සමරයි

ප්‍රංශයේ අයිෆල් කුළුණ, ග්‍රීසියේ ඇතැන්ස් නුවර ඉපැරණි ප්‍රාසාද මාළිග මෙන්ම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුප්‍රකට ඔපෙරා රඟහල ඇතුලූ ලොව පුරා මර්මස්ථාස්ථාන ඊයේ රාත්‍රියේ පැයක් අඳුරේ ගිලූනා.
ඒ, කාලගුණ වෙනස පිළිබඳව ලෝක අවධානය යොමු කිරීම සඳහා වසරක් පාසා පිළිපදින මිහිකත හෝරාව හේතුවෙන්.
ලෝක වනසත්ව අරමුදල මගින් 13 වන වරටත් සංවිධාන කළ මිහිකත හෝරාව ඊයේ රාත්‍රියේ ලොව රටවල් 180 ක් විසින් පිලිපදිනු ලැබුවා.
වනසත්ව අරමුදල ප්‍රකාශ කළේ අප විසින් ලෝකය විනාශ කරන බව දැනගත් පළමු පරම්පරාව මෙන්ම ඒ වෙනුවෙන් යමක් කළ හැකි අවසන් පරම්පරාවද අප බවයි.