Gossips

ලොවම බලා සිටි සුපිරි ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලානයෙන් ඉවතට

මේ දිනවල සිම්බාබ්වේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සහභාගී වී තරග තුනම පරාජය වීම හේතුවෙන් නැගී එන ප්‍රබලම කණ්ඩායමක් වන ඇෆ්ඝනිස්ථානයට ලෝක කුසලානයෙන් ඉවත්වන්නට සිදුවුණා.
ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් ඇෆ්ඝනිස්ථානය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට සුදානම් වී සිටින අවධියක මේ පරාජය ඔවුන්ට ප්‍රබල අභියෝගයක් වී තිබෙනවා.
ඔවුන් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී සිම්බාබ්වේ, ස්කොට්ලන්තය සහ හොංකොං හමුවේ පරාජය වූණා.
මේ පරාජයන් සමග ලෝක කුසලානයෙන් ඉවත්වන්නට සිදුවීම ගැන ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් ආයතන සභාපතිවරයා එරට ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටියා.