Gossips

ලොවම නොනිදා බලා සිටි රෑ තමන්ගේ කරගනිමින් සුපිරි රොනාල්ඩෝ පිටිය මැද ගුවනට ගිය හැටි මෙන්න

FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ උණුසුම් තරඟයක් ඊයේ පැවැත්වුනේ පෘතුගාලය සහ ස්පාඥඥය අතරයි.
එහිදී අවසන් මොහොතේ එක් ගෝලයක් ඉදිරියෙන් සිටිමින් තරඟයේ ජයග්‍රහණයේ පහස විඳිමින් සිටි ස්පාඥඥ කණ්ඩායමේ සිහින සුන් කරදැමීමට සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ සමත් වූවා.
ඒ තරඟයේ අවසන් මිනිත්තු කිහිපයේ පෘතුගාල කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් ලබාගනිමින්.
එම ගෝලයත් සමඟ තරඟය 3 ට 3 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වූවා.
එම තරඟයේ සුවිශේෂ අවස්ථා පහතින්.
rnrn

මේ අතර ලෝකයේම අවධනය යොමුවූ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට වසර දෙකකට අත්හිටවු සිර දඩුවමක් නියමකර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ ආදායම් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනා හේතුවෙන්.
මෙම දඩුවමට අමතරව යුරෝ මිලියන 18.8 ක බදු මුදලක් ගෙවීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
එල්ලවී ඇති චෝදනා රොනාල්ඩෝ ප්‍රතික්ෂේප කර තිබු අතර පසුව එම චෝදනා පිළිගෙන තිබුනා.
2011 වසරේ සිට 2014 වසර දක්වා යුරෝ මිලියන 12.9 ක බදු මුදලක් ගෙවීම පැහැර හැරි බවටයි සුපිරි පාපන්දු ශූරයාට චෝදනා එල්ලවී ඇත්තේ.
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩා් පෘතුගාල කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදීමට නියමිතයි.
පෙර වැරදි නොමැතිවීම හේතුවෙන් ඔහුට අත්හිටවු සිර දඩුවම් නියමකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.