Gossips

ලොවම කළඹමින් ලෝකෙම ATM යන්ත්‍රවලට සයිබර් ප්‍රහාරයක්

බැංකු හරහා එදිනෙදා ගණුදෙනු සිදුකරණ දහස් ගණන් ව්‍යාපාරිකයන් මෙන්ම ලොවපුරා මූල්‍ය ආයතන සලිත කරවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෙස වාර්තාකර ඇත්තේ ලොවපුරා බැංකු ATM යන්ත්‍රවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට කෙරෙන අනතුරු ඇඟවීමක්.
අදාළ අනතුරු ඇඟවීම සිදුකළේ ඇමෙරිකානු FBI රහස් ඔත්තු සේවය විසින්.
එම අනතුරු ඇඟවීම නිකුත්කර දිනක් ගතවීමටත් පෙර ලොව වටා රටවල් 28 ක බැංකුවලින් පවුම් මිලියන 10 කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
එහිදී හැකර්වරුන් විසින් ATM යන්ත්‍ර 14 800කට පමණ ඇතුළුවී ඇති බවටයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එම රටවල් අතර අසල්වැසි ඉන්දියාවද සිටින බවටයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර ඇත්තේ.
FBI ආයතනය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ATM cash-out නැමැති ජාත්‍යන්තර මුල්‍ය ජාවාරම් සංවිධානයක් විසින් එම ප්‍රහාරය සැලසුම් කරන බවට තොරතුරු වාර්තාවන බවයි.
ඒ අනුව ලොවපුරා ඇති කුඩා හා මහාපරිමාණ බැංකු පද්ධතියට මෙමගින් දැඩි බලපෑමක් එල්ලවිය හැකිබවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
හැකර්වරුන් විසින් ATM යන්ත්‍ර දත්ත පද්ධතියට ඇතුළුවීමෙන් අනතුරුව ව්‍යාජ ATM පත් යොදාගනිමින් යන්ත්‍රවලින් මුදල් ඉවත් කිරීම ඔවුන්ගේ අරමුණයි.
ඒ අනුව බිඳවැටීම සිදුවීමත් සමඟ මිලියන ගණනින් මුදල් ගිණුම්වලින් අතුරුදන් විය හැකි බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ.
මේ අතර ඔවුන් ජාත්‍යන්තර බැංකු වෙත වැඩිදුරටත් උපදෙස් දී තිබුනේ මෙම තත්වය වලක්වාගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙසයි.
ඒ සඳහා ආරක්‍ෂිත පියවරක් ලෙස ATM යන්ත්‍රවල විද්‍යුත් ආරක්ෂක අගුළු යාවත්කාලීන කිරීමටයි ඔවුන් විසින් උපදෙස් දී ඇත්තේ.