Gossips

ලොවම කළඹමින් නවසීලන්ත ප්‍රහාරයට හේතුව ඝාතකයා හෙළිකරයි

අද දින ලෝකයේම අවධානය යොමුව තිබෙන්නේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධවයි.
එම සිදුවීමට සම්බන්ධ ත්‍රස්තවාදියා ගැන බොහෝ දෙනෙක් කතාබහ කරනවා.
ඊට හේතුව වෙඩි තැබීමට පෙර සමාජ ජාල වෙබ් පිටු සදහා ඔහු සජීවී වීඩියෝවක් සිදුකිරීමයි.
එමෙන්ම ඔහු වෙඩි තබන අයුරු සම්පුර්ණ වීඩියෝ කර ඇත්තේ හිස්වැසුමේ කැමරාවක් සවි කරගෙන සිටීම මගිනුයි.
වෙඩි තැබීමට සුළු මොහොතකට පෙර ඔහු කැමරාව ඔහු දෙසට හරවා මුහුණ පෙන්වා තිබීමත් විශේෂත්වයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
මේ වන විට මරණ 40ක් වාර්තා වී ඇතත් තවමත් නිශ්චිත සංඛ්‍යාවක් ලබා දීමට එරටට පොලිසියට නොහැකි වී තිබෙනවා.
එසේ තිබියදී එම සිදුවීමට අදාළ ප්‍රධාන ත්‍රස්ථවාදියා තම Twitter ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
එම ප්‍රකාශය පිටු 73ක එකක් වීමත් විශේෂත්වයක්.
2016 වර්ෂයේ ප්‍රංශයේ නීස් නගර‍යේදී 84 දෙනෙකු මරණයට පත් කළ ලෝකයේම අවධානය යොමු වූ ත්‍රස්ථ ප්‍රහාරය එල්ල වූ මොහොතේ එම ස්ථානයේ සිටි බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
එය ඔහුට ජිවිතයේ භයානක අත්දැකීමක් වී තිබෙනවා.
මෙම ප්‍රහාරය සිදු කළ පුද්ගලයා, ඕස්ට්‍රේලියානු පුරවැසියකු බවත්, ඔහු අන්තවාදී අන්තදක්ෂිනාංශික ත්‍රස්තවාදියෙක් බවත් ඕස්ට්‍රේලියානු අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.
2017 වර්ෂයේ Stockholm හි සිදුවූ ත්‍රස්ථ ප්‍රහාරයකදී වයස අවුරුදු 11ක දැරියක් වූ Ebba මරණයට පත් වීම ඔහුව ත්‍රස්තවාදියෙක් කිරීමට උත්තේජනයක් වූ බව සදහන් කර තිබෙනවා.
එමෙන්ම යුරෝපයට පැමිණෙන සංක්‍රමණිකයින් හේතුවෙන් ත්‍රස්ථ ප්‍රහාර දියත්වීම වැඩිවන බවත් එය වළක්වාලීමට ඔහුට අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කරන අතර පිටස්තරයින් යුරෝපා රටවලට ඇතුලත් වීම නවත්වාලිමටත් Ebba Akerlund මිය යාම නිසා ඊට පලිගැනීමක් මේ මඟින් සිදු කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ඒ හේතුවෙන් මෙම වෙඩි තැබීම මුස්ලිම් පල්ලියකින් ආරම්භ කළ බවත් ඔහුට අවශ්‍යව තිබුනේ පිරිස වැඩි සාරවත් පරිසරයක ඝාතන සිදුකිරීමට බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
Brenton Tarrant ඔහුගේ වචන වලින් ඔහු මෙලෙස පවසනවා,
"මම කම්කරු පන්තියක ඉපදුණූ දුප්පත් මනුස්සයෙක්.. ඒ නිසා අපේකම මට දැනෙනවා.. ඔවුන් අපේ භූමිය අත්පත් කරගනිමින් සිටිනවා. මේ භූමිය ඔවුන්ගේ භූමිය නොවේ. අපේ උපන්බිම අපිටයි අයිති. සුදු මිනිසුන් තාමත් ජිවත් වෙනවා. ඔවුන්ට කිසිදාක අපව යටත් කරගන්නට හෝ සුදු මිනිසුන් ඉවත් කරන්නට හැකියාවක් නැහැ.''
rnrn