Gossips

ලොවම කම්පා කරවමින් පැරීසියේ ‘උරුම කත’ ගිනි ගෙන අළුවී ගිය හැටි

ලොවම කම්පා කරවමින් පැරීසියේ ‘උරුම කත’ ගිනි ගෙන අළුවී ගිය හැටි
පැරීසියේ ‘උරුම කත’ ගිනි ගනී
ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන වසර 850 ක් පැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුරු ගොඩනැගිල්ලට එහි ඇති වූ මහා ගින්නකින් දැඩි අලාභ හානි සිදුවුණා.
ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නෙන් ගොඩනැගිල්ලේ ඵෙතිහාසික සිතුවම් හා ප්‍රධාන ගොඩනැගිල්ල බේරා ගැනීම සඳහා ගිනි නිවන භටයින් 500 කට අධික පිරිසක් තවමත් දැඩි පරිශ්‍රමයක නිරත වනවා.
1163 වසරේදී ඉදිකිරීම් ඇරඹුණු ගොතික් සම්ප්‍රදායේ විශිෂ්ඨ නිර්මාණයක් ලෙස සැලකෙන මෙම ගොඩනැගිල්ලට ‘‘නොට්රඩාම්’’ යන නම ලැබී ඇත්තේ සුප්‍රකට සාහිත්‍යධර වික්ටර් හියුගෝ ගේ නිර්මාණයක සටහනක් හේතුවෙන්.
‘‘නොට්රඩාම්’’ යනුවෙන් අදහස් කෙරෙන්නේ අවර් ලේඩි හෙවත් කන්‍යා මව්තුමිය යන්නයි.
ඊයේ ඇති වූ ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, එය ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් සිදුවන්නට ඇති බවයි දැනට විශ්වාස කෙරෙන්නේ.
යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් ලෙස නම් කෙරුණු ‘‘නොට්රඩාම්’’ ගොඩනැගිල්ල ගිනි ගන්නා අයුරු කම්පනයට පත් දහස් ගණන් පැරිස් පුර වාසීන් වීථිවලට රොක් වී බලා සිටියේ හඬා වැළපෙමින්.
ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ප්‍රකාශ කළේ එය ජාතියේ ඛේදවාචකයක් බවයි.