Gossips

ලොවම කම්පා කරමින් 71 දෙනෙකු සමඟ ගුවන්යානයක් කඩාවැටී සිදුවූ අනතුරින් මියගිය පිරිස එළියට

ලොවම කම්පා කරමින් 71 දෙනෙකු සමඟ ගුවන්යානයක් කඩාවැටී සිදුවූ අනතුරින් මියගිය පිරිස එළියට "
නේපාලයේ – කත්මන්ඩු නුවර ත්‍රිභූවන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අද පස්වරුවේ සිදුවූ අනතුරින් ආසන්න වශයෙන් පුද්ගලයන් 38 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම අනතුරින් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට ලක්වූ බංග්ලාදේශ ගුවන් යානයේ මගීන් ඇතුළු 71 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
එමෙන්ම, එහි සිටි පුද්ගලයන් 17 දෙනෙකු බේරා ගැනීමට හැකිවී ඇති බවයි නේපාල බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ.
බංග්ලාදේශයේ ඩකා නුවර සිට පැමිණි යූ.එස්. – බංග්ලා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.
ගුවන් යානය ගොඩබැස්සවීමේ කඩා වැටී ගිනිගෙන දැවුණු බව සඳහන්.