Gossips

ලොවක් මවිත කළ The Rock සියදිවි නසාගැනීමට උත්සහ කරයි

Rock සියදිවි නසාගනී ?
මල්ලව පොර සටන්කරුවකු වන ඩ්වේන් ඩග්ලස්‌ ලොව ප්‍රකට නළුවෙක්.
45 හැවිරිදි ඔහු The Rock නාමයෙන් ද හදුන්වනු ලබයි.
ඇමෙරිකාවේ ප්‍රමුඛතම මල්ලව පොර ශූරයකු වූ ඔහු 2002 වසරේදී The Scorpian King චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපානු ලැබුවා.
ඒ සදහා ඔහුට ඩොලර් මිලියන 5.5 ක මිලක්‌ ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ෆොර්බ්ස්‌ සගරාවට අනුව ඩ්වේන් ලොව ප්‍රමුඛතම නළු නිළි කැළට අයත් වන පුද්ගලයෙක්.
Fast and Furious චිත්‍රපට මාලාව නිසා ජනප්‍රියත්වයට පත් වූ ඔහු පසුගිය කාලයේ විශාදය රෝගයෙන් පීඩා විඳිනු ලැබුවා.
තමා මානසිකව පීඩාවට ලක්‌ වූ කාලයේ තමන්ට සහනය පැතූ රසික රසිකාවියන්ට ස්‌තූතිය පිරිනමන බව හෙතෙම පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ප්‍රකාශ කර තිබුණා.
මෙම රෝගය හේතුවෙන් වයස 15 දී මව තමා ඉදිරියේදීම සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ බව ඔහු හෙළිදරව් කර තිබෙනවා.
වාහනයකට පැන දිවි නසා ගැනීමට උත්සාහ කළ ඇය බේරා ගැනීමට තමා කටයුතු කළ බවත් ඔහු සදහන් කළා.
මේ අත්දැකීම් තමා ද මානසික පීඩනයට ලක්‌වීමට බලපෑ බව මෙම සුපිරි නළුවා හෙළි කරනු ලැබුවා.
මෙම රෝගය නිසා තමාටද නොයෙක්‌ වාරයක්‌ සිය දිවි නසා ගැනීමට සිතුණු බව ඩ්වේන් මෙහිදී හෙළිකර තිබෙනවා.
තම මවත්, තමාත් විශාදය රෝගය වෙනුවෙන් ප්‍රතිකාර ලැබූ බවත්, එයින් මිදී ඇති බවත් ඔහු කියා සිටියා.
මේ හේතුවෙන් මෙම රෝගයෙන් පීඩා විදින අයට සහනය සැලසීමට තමා සූදානම් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.