Gossips

ලොරියක ගැටුණු මෝටර් රථය

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල, කොමර්ෂල් ප්‍රදේශයේ අද (23) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.
කොළඹ සිට නුවරඑළිය බලා ධාවනය වූ මෝටර් රථයක් මාර්ග අසල නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අද (23) අලුයම 04ට පමණ සිදුවූ මෙම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර අනතුරෙන් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.