Gossips

ලොරියක් දුම්රිය මාර්ගයේ ධාවනය වෙයි

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව සහ බණ්ඩාරවෙල අතර ඔත්තකඩේ දුම්රිය හරස් මාර්ගය අසලදී ලොරියක් දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වී තිබෙනවා.
ලොරියේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් රියදුරාට එය පාලනය කර ගැනීමට නොහැකිව මෙලෙස දුම්රිය මාර්ගයේ ධාවනය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
ඊයේ සවස දුම්රිය මාර්ගය ඔස්සේ මීටර් 50 ක් පමණ දුරට ලොරිය ධාවනය වී ඇති අතර මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය 5 ක් ද ප්‍රමාද වී ධාවනය කෙරුනා.
ලොරිය දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීම සඳහා පැය 6 හමාරකට වැඩි කාලයක් ගතවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා යකඩ කම්බි ප්‍රවාහනය කළ ලොරියක් මෙලෙස කාර්මික දෝශයකට ලක්වී ඇති අතර රියදුරාට සහ සහායකයාට හානියක් සිදුවී නැහැ.
දොඹකර යොදා ගනිමින් ලොරිය දුම්රිය මාර්ගයෙන් පිටතට ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවීම හේතුවෙන් දුම්රියක් යොදා ගනිමින් ලොරිය පිටතට ගෙන තිබෙනවා.