Gossips

ලොරියක් ඇලකට පෙරළී දෙදෙනෙකුට බරපතලයි

වවුනියාවේ කනගරායන්කුලම් පුදුපාලන්කුලම් ප්‍රදේශයේදී පාලමක් මතින් ලොරියක් 25 දා සවස ඇලකට පෙරළීයාමෙන් ලොරියේ ගමන් කළ රියදුරා හා රියදුරු සහායක බරපතල තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ යාපනයට භාණ්ඩ රැගෙන යන ලද ලොරියක්.
රියදුරුට නින්ද යාම නිසා ලොරිය පාලමේ වැදී ඉන් කොටසක්ද කඩාගෙන ගොස් ඇලට පෙරළී තිබෙනවා.
කනගරායන්කුලම පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වනවා.