හැටන් බගවන්තලාව ප්රදේශයේදී ලොරි රථයක් අඩි 50ක පමණ ප්රපාතයකට පෙරලි ගොස් අනතුරක් සිදූව තිබෙනවා.
ඊයේ (01) රාත්රී 10ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු දික්ඔය මුලික රෝහලේ ප්රතිකාර ලබන බවයි අප වාර්තාකරු පැවසුවේ.
ලොරි රථයේ අධික වේගය අනතුරට හේතුව බවයි පොලිසිය කියා සිටියේ.
අනතුර සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.