Gossips

ලොරියකට සහ කන්ටේනරයකට සිර වී පුද්ගලයෙකු මිය යයි

නවගමුව – කොරතොට ප්‍රදේශයේදී ලොරි රථයකට සහ කන්ටේනර් රථයකට සිර වී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ ප්‍රදේශයේ ගෑස් බෙදා හරින පෞද්ගලික ස්ථානයක් තුළදී බවයි පොලීසිය සදහන් කළේ.
ගෑස් පටවා නවතා තිබූ කන්ටේනර් රථයකින් වෙනත් ලොරි රථයකට ගෑස් පැටවීම සඳහා ලොරි රථය පසු පසට ධාවනය කරන අවස්ථාවේදී එහි සහයක මෙලෙස සිර වී ඇති බව සදහන්.
මිය ගිය පුද්ගලයා මාතලේ – පලාපත්වල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.