Gossips

ලොග්ගල්ලා ඔයෙන් මළ සිරුරක් හමුවීමේ සිද්ධිය ඝාතනයක් බව හෙළිවේ (ඡායාරූප)

දෑත් බැඳ පිටෙහි ගලක් ගැටගසා මීගහකිවුල – ලොග්ගල්ලාඔයේ වැලි තොටුපළක තිබී මළ සිරුරක් හමුවීමේ සිද්ධිය ඝාතනයක් බවට හෙලිවී තිබෙනවා.
ඒ, බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සඳකැන් වඩුගේ විසින් ඊයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදියි.
බර ආයුධයකින් ගෙළ පසුපස ප්‍රදේශයට සිදුකළ පහරදීමකින් සුසුම්නාව සහ ගෙළ ප්‍රදේශයට සිදුවූ හානි හේතුවෙන් මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්.
ලොග්ගල්ලාඔයේ වැලි තොටුපලක තිබී මෙම මළ සිරුර සොයාගැනුනේ පසුගිය සඳුදා දිනයේදියි.
වැඩිදුර පරීක්ෂණවලදී මියගොස් ඇති පුද්ගලයා 32 හැවිරිදි මොරහෙල – මීගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණ වී තිබෙනවා.
ඝාතනය සම්බන්ධයෙන් ඔහු සමීපව ඇසුරු කළ පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරනෙ ඇති බවයි පොලීසිය සඳහන් කළේ.