Gossips

ලොකුළුෑණු කිලෝවක් 80කට සතොස මිලදී ගනී

දේශීීීය ලොකුළුෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 80කට සතොස හරහා මිලදී ගැනීමට ජීවන වියදම් කමිටුව උපදෙස් ලබාදී තිබෙනවා.
මෙවර යල කන්නය තුළ වගා කළ භූමි ප්‍රමාණයට සාපේක්ෂව අස්වැන්න නොලැබුණු බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.
මේ වන විට පළාත් කිහිපයක පවතින වියළි කාලගුණය ද ලොකුළුෑණු වගාවට බලපෑම් එල්ල වී තිබෙනවා.
මෙම තත්ත්වය පසුගිය දා රැස්වූ ජීවන වියදම් කමිටුවේදී සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි සතොස ආයතනයට රුපියල් 80 බැගින් ලොකුළුෑණු කිලෝවක් මිලදී ගැනීමට උපදෙස් ලබාදී ඇත්තේ.