Gossips

ලේ බැංකුවේ වැඩබලන අධ්‍යක්ෂ, ධූරයෙන් ඉවතට

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව, එහි නව වැඩබලන අධ්‍යක්ෂවරිය ලෙස පත් කර ඇත්තේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වන වෛද්‍ය දීපා සරණජීවයි.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් ජාතික රුධි පාරවිලයන මධ්‍යස්ථානය තුළ පසුගිය දින කිහිපයේ වර්ජනයක නිරත වුණා.
කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඊයේ ඔහුව අදාළ තනතුරෙන් ඉවත් කර ඇති බවයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දීපා සරණජීව හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
වෛද්‍ය රුක්ෂාන් බෙල්නන තනතුරෙන් ඉවත් කිරීම නිසා තම සංගමය ක්‍රියාත්මක කළ වර්ජනය ද අත්හිටුවීමට පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.