Gossips

ලේක්හවුස් සේවක සංගමයෙන් ඉල්ලීමක්

තම ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දරා ගැටුම්කාරී තත්ත්වයක් ඇති කළ පිරිස් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස ලේක්හවුස් සේවක සංගමය ඉල්ලා සිටිනවා.
අද පස්වරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සේවක සංගම් නියෝජිතයින් මේ බව සඳහන් කළා.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ඊයේ පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසු ලේක් හවුස් ආයතනයට පැමිණි එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් සහ සේවකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඒ කෝට්ටේ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් පිරිසක් ලේක්හවුස් ආයතනයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරීම හේතුවෙන්.
එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර ලේක්හවුස් ආයතනය ඉදිරිපිට සිටි ආබාධිත පුද්ගලයෙකුගේ කිහිලිකරුවක් රැගෙන සේවකයින්ට පහරදීමට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු කටයුතු කළේ මේ ආකාරයෙන්.
එම සිද්ධිය සම්බන්ධයෙන් ලේක්හවුස් සේවක සංගමය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
මේ සම්බන්ධනේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී ද අදහස් පළ වුණා.