Gossips

ලේක්හවුස් ගැටුමට නීතිය සමානව ඉටුකරන්නැයි ඉල්ලීමක්

පසුගිය දෙසැම්බර් 13 වැනිදා ලේක්හවුස් ආයතනයට කඩා වැදී එහි සේවකයින්ට පහරදීමේ සිද්ධියට අදාළව නීතිය සමානව ඉටුකරන ලෙස ලේක්හවුස් ප්‍රගතිශීලී සේවක සංගමය ඉල්ලීමක් කරනවා.
සිද්ධියට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද කැඳවා තිබූ අවස්ථාවේදී ඔවුන් මාධ්‍යයට මේ බව සඳහන් කළා.
එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් ලේක්හවුස් ආයතනයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී ආයතනයේ සේවකයින් සහ ඔවුන් අතර ගැටුමක් ඇති වූයේ පසුගිය දෙසැම්බර් මස 13 වැනිදායි.
සිද්ධියට අදාළ දෙපාර්ශ්වයම අද කොටුව පොලිසිය විසින් කැඳවා තිබූ අතර එහිදී ලේක්හවුස් ආයතනයේ සේවකයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ දෙකක ශරීර ඇප මත ඔවුන් මුදා හැරියා.