ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 99 වන ජන්ම දිනය සැමරුමට සුබ පැතුම් එක් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.
එහිදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් සමඟ එක්ව උපන්දින කේක් කපා ජන්ම දිනය සැමරීමට ජනාධිපතිවරයා එක්වුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු ඇතුලූ සෙසු වියදම් සඳහා විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට පසුගියදා අනුමැතිය ද හිමි වූ අතර, ඊට අදාළ ලිපිලේඛන සහ පළමු චෙක්පත ප්‍රදානයද අද (05) සිදු කෙරුණා.
