Gossips

ලෙන තුළ සිරවූ ළමයින් මුදාගැනීමට නව මෙහෙයුමක්

තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලූවන් ලෙන් සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීමේ නව මෙහෙයුමක් කඩිනමින් ආරම්භ කෙරෙන බව වාර්තාවනවා.
ඒ සඳහා ලෙන අවට සිටින මෙහෙයුමට සම්බන්ධ නොමැති සියලූ පුද්ගලයන් ඉවත් කර ඇති බව සඳහන්.
මෙම ළමයින් මුදාගැනීමට මාස කිහිපයක් ගතවිය හැකි බවයි මුලින් ප්‍රකාශ කෙරුණේ.
එහෙත් වැසි සමඟ ලෙන තුළට තවදුරටත් ජලය ගලා ඒමෙන් ළමයින් අනතුරුදායක තත්ත්වයකට පත්විය හැකි නිසා ඔවුන් කඩිනමින් මුදාගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක කෙරෙනු ඇති.