Gossips

ලෙන තුළ සිරවූ තායි පාපන්දු කණ්ඩායම මුදා ගැනීමේ අභියෝගයක්

තායිලන්තයේ තාම්-ලූඅන් වනගත ලෙන් සංකීර්ණයේ සිරවී සිටින තායි යොවුන් පාපන්දු කණ්ඩායමේ දොළොස් දෙනා ඉන් ඉවතට ගැනීම අභියෝගයක් වී ඇති බව වාර්තා වනවා.
පසුගිය ජුනි 23 වැනිදා සිය පුහුණුකරු සමඟ මීටර් 400ක් පමණ ලෙන තුළට ගිය ඔවුන් හදිසියේ ජලය පිරීම නිසා එහි සිර වූ අතර, දින 9කට පසු ඔවුන් වෙත ජීවිතාරක්ෂකයන් ළඟාවූයේ ඊයේ දිනයේදියි.
කෙසේ නමුත්, ලෙන තුළ තවදුරටත් ජලය පැවතීම නිසා ඔවුන් ඉන් ඉවතට ගැනීමට නම් කිමිදීමට උගත යුතු බව සඳහන්.
එසේ නැතහොත් ලෙනෙහි ජලය සිඳෙන තුරු මාස 4ක පමණ කාලයක් බලා සිටීමට සිදුවනු ඇති.
කෙසේ නමුත්, මෙම ළමයින් පිරිසට මාස 4කට ප්‍රමාණවත් ආහාර එහි යැවීමට තායි බලධාරීන් කටයුතු යොදා තිබෙනවා.