Gossips

ලෙනෙන් මුදා ගත් තායි පාපන්දු ක්‍රීඩකයන් පැවිද්දෙන් නික්මෙයි (ඡායාරූප)

ජල ගැල්මට හසුවූ තායිලන්තයේ – තාම් ලූවන් ලෙනේ සිරවී සිට දුෂ්කර මෙහෙයුමකින් පසු මුදා ගත් තායිලන්ත යොවුන් පාපන්දු ක්‍රීඩකයන් 11 දෙනෙකු අද තාවකාලිකව පැවිදි ජීවිතයෙන් නික්මුණා.
ඔවුන් දින 09 ක් තිස්සේ මේ – සායි ප්‍රදේශයේ බෞද්ධ ආශ්‍රමයක පැවදි ජීවිතයක් ගත කළේ තමන් මුදා ගැනීමට සහය වූ සියල්ලන්ට ආශිර්වාද පතමින්.
පාපන්දු කණ්ඩායමේ එක් සාමාජිකයෙකු කතෝලිකයෙකු බැවින් පැවදි ජීවිතයට ඇතුළත් නොවූ අතර, 25 හැවිරිදි පුහුණුකරු වැඩිහිටියෙකු නිසා ස්ථිර පැවිද්දට පිවිසී තිබෙනවා.