Gossips

ලෙනෙන් මුදාගත් තායි යොවුන් පාපන්දු ක්‍රීඩකයන් ලෝක සවාරියක

තායිලන්තයේ ජල ගැල්මට ගොදුරු වූ තාම් ලූවන් ලෙනෙහි සිර වී සිට දුෂ්කර මෙහෙයුමකින් මුදාගත් වයිල්ඞ් බෝ යොවුන් පාපන්දු කණ්ඩායම මේ වනවිට ලෝක සවාරියක නිරත වී සිටිනවා.
ආර්ජන්ටිනාවේ – බුවනෝර්ස් අයර්ස් නුවර පැවති යොවුන් ඔලිම්පික් තරඟාවලියේ විශේෂ ආරාධිතයෙකු වූ ඔවුන් මේ වනවිට ඇමරිකාවට පැමිණ ඇති බව සඳහන්.
අවුරුදු 11 ත්, 16 ත් අතර වයස් සීමාවල පසුවන මෙම පාපන්දු කණ්ඩායම ලොස් ඇන්ජලීස් නුවර සුප්‍රකට ගැලැක්සි පාපන්දු කණ්ඩායම විශේෂ පුහුණු සැසියක් පසුගිය සිකුරාදා ආරම්භ කළා.
ඔවුන්ට පුහුණුව ලබාදීම සඳහා ස්වීඩනයෙන් බිහි වූ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෙකු වන ඊබ්‍රහිමොවික් ද පැමිණ සිටිනවා.