ශ්‍රී ලාංකික කායවර්ධන ශුරයෙකු ලෙස ජාත්‍යන්තර කුසලාන හා රන් පදක්කම් වැඩිම සංඛ්‍යාවක් දිනා ඇති ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් වෙත මොරටුව අඟුලාන "සයුරුපුර" මහල් නිවාස සංකීරණයේ රුපියල් ලක්ෂ 42 ක් වටිනා නවීන නිවසක් පරිත්‍යාග කිරීම අද (21) සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ඒ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීයි.
ඇමරිකාවේ පැවති මිස්ටර් ඇට්ලස් තරඟාවලියේ 4වන ස්ථානය දිනාගන්නට ද ලූෂන් සමත්වුනේ ලෝක කායවර්ධන පිටියේ සිය නාමය ඉහලින් සනිටුවහන් කරමින්.
