Gossips

ලූෂන්ට ලෝක කායවර්ධන සභාපතිගෙන් ඇමතුමක්

ඔස්ටි‍්‍රයානු ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ්ට ශුරතාව හිමි නොවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට ලෝක කායවර්ධන සම්මේලනය තීරණය කර තිබෙනවා.
තරගයෙන් අනතුරුව තමන් ඇමතු එහි සභාපති දාතුක් පෝල් චුආ මේ බව කියා සිටි බවයි ලූෂන් පුෂ්පරාජ්ගේ අනුග්‍රාහකයා වන ශාන් හැළඹ ඔස්ටි‍්‍රයාවේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සදහන් කලේ.
පසුගිය සෙනසුරාදා වියානා නුවර පැවති මෙම තරගයේදි යුරෝපීය කායවර්ධන ශූර අමීන් ගැන්ගල් පරාජයට පත් කල ලූෂන්ට එහි රිදි පදක්කම හිමිවුණා.
එහි ශුරතාව දිනාගත්තේ ඔස්ටි‍්‍රයානු කායවර්ධන ශුරයා වන ස්ටෙෆාන් වොට්ටාවායි.
කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා බලධාරින්ගේ අවධානය මේ දක්වා යොමු නොවීම කණගාටුවට කරුණක් බව ලූෂන් පුෂ්පරාජ්ගේ අනුග්‍රාහකයා වන ෂාන් හැළඹ සඳහන් කළා.
තමන්ට තරගයේ ශූරතාව හිමි නොවුණද ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් හිමිකර දීමට හැකිවීම පිළිබද සතුටට පත්වන බවයි මේ වන විට ඔස්ටි‍්‍රයාවේ සිටින ලූෂන් පුෂ්පරාජ් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.