Gossips

ලූණුගල දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – අයෙක් මරුට

පස්සර – ලූණුගල මාර්ගයේ 24 කණුව ආසන්නයේදී වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
තුවාල ලැබූ 6 දෙනා ප්‍රතිකාර සඳහා මේ වන විට ලූණුගල දිසා රෝහලට සහ බදුල්ල මහරෝලට ඇතුළත් කර තිබෙනවා.


(ඡායාරූප – ලුණුගල ප්‍රසන්න පත්මසිරි)