Gossips

ලු. කමාන්ඩර් චන්දන ප්‍රසාද් යළි රිමාන්ඩ්

තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.
2008 – 2009 කාලසීමාවේදී තරුණයන් 11 දෙනෙකු කොළඹ දී පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනා මත ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි පසුගිය සැප්තැම්බර් මස 13 වන දා අත්අඩංගුවට ගනු ලැබුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ පැහැර ගත් තරුණයින් සඟවාගෙන දුරකථන ඇමතුම් ලබාදී ඔවුන්ගේ පවුල්වලින් කප්පම් ලබා ගැනීම හා ඊට ආධාර අනුබල ලබාදුන් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ද මේ වනවිට පරීක්ෂණ සිදුකරන බවයි.
අදාළ පරීක්ෂණ එම දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ සිදුකෙරෙන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.