Gossips

ලුතිනන් කර්නල් අමුණුපුර යළි කැඳවීමෙන් හමුදාවට විශාල හානියක්

මාලි රාජ්‍යයේ රාජකාරියේ නියුතු ලුතිනන් කර්නල් කළණ අමුණුපුර මහතා ,කිසිදු වගවිභාගයකින් තොරව මෙරටට කැඳවීමට රජය ගෙන ඇති තීරණයෙන් මෙරට හමුදාවට දීර්ඝ කාලීනව විශාල හානියක් සිදුවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී.