Gossips

ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රිමාන්ඩ්

තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි මේ මස 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, සැකකරු අද කොටුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
2008 – 2009 කාලසීමාවේදී තරුණයන් 11 දෙනෙකු කොළඹ දී පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට මොහුව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මස 13 වන දායි.