Gossips

ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට සැඟව සිටීමට සහයවූ පුද්ගලයෙකු අත්අඩංගුවට

තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට සැඟව සිටීමට ආධාර අනුබල දුන් රැකියා නියෝජිත ආයතන කළමනාකරුවෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද පෙරවරුවේ කොළඹ – කොටුවේදී මොහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා. ඒ, ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදියි.