Gossips

ලුණුගම්වෙහෙර වනෝද්‍යානයේ සිදුවූ ජාවාරමක් හෙළිවෙයි

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුල සතුන් දඩයම් කර මස් අලෙවි කිරීමේ ජාවාරමක් වැටලීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.
දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
වනජීවී නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව ඊයේ රාත්‍රී බෝගහවැව කිරිදිඔය ප්‍රදේශයේ වැටලීම සිදුකර ඇති අතර එහිදී ඔරුවක් යොදා ගනිමින් මස් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු වනජීවී නිලධාරීන්ට වෙඩි තබා පළාගොස් තිබෙනවා.
එහිදී සැකකරු ප්‍රවාහනය කරමින් සිටි මුව මස් කිලෝ 160 ක්, තරාදියක් සහ විදුලි පන්දමක් වනජීවී නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිදුවු වෙඩි හුවමාරුවේදී වෙඩි වැදුනු සැකකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා වන සතුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී ද අත්අඩංගුවට පත්වු අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරු සහ නඩු භාණ්ඩ තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.