Gossips

ලුණුගම්වෙහෙර අනතුරින් කාන්තාවක් මරුට – 40ක් තවම රෝහලේ

තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී ඊයේ පස්වරුවේ සිදුවු රිය අනතුරෙන් තුවාල ලැබූවන් 40 දෙනෙකු තවදුරටත් රෝහල් 3ක ප්‍රතිකාර ලබනවා.
දෙබරවැව, හම්බන්තොට සහ ලුණුගම්වෙහෙර යන රෝහල්වල මෙම පිරිස ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සදහන් කළේ.
ඊයේ සිදුවූ මෙම අනතුරෙන් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 74 හැවිරිදි අකුරැස්ස – හේනගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ද ජීවිතක්ෂයට පත්වුණා.
අනතුරෙන් තුවාල ලැබූවන් 24 දෙනෙකු හම්බන්තොට රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
දෙබරවැව රෝහලේ තුවාලකරුවන් 13 දෙනෙකු සහ ලුණුගම්වෙහෙර රෝහලේ තුන් දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් පුද්ගලයින් 75 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර ඉන් 35 දෙනෙකු මේ වන විටත් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.
දෙහිඅත්තකණ්ඩියේ සිට ගාල්ල බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් සහ මාතර සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුවුණා.