තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 50 කට අධික පිරිසක් තුවාල ලැබුවා.
දෙහිඅත්තකණ්ඩියේ සිට ගාල්ල බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ මාතර සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය කියා සිටියේ.
සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස් ලුණුගම්වෙහෙර, දෙබරවැව සහ හම්බන්තොට රෝහල් වෙත රැගෙන ගොස් ඇති බව එහි සිටින අප වාර්තාකරු කියා සිටියා.
අනතුර සිදුවූ අවස්ථාවේ දර්ශන පහතින්.
