Gossips

ලියාපදිංචි ත්‍රිරෝද රථ ගැන අලූත් හෙළිදරව්වක්

මෙරට ලියාපදිංචි ත්‍රිරෝද රථවලින් මගී ප්‍රවාහනය සඳහා යොදාගැනෙන්නේ සියයට 47 ක් පමණක් බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
එමෙන්ම සියයට 12 ක් ඒවායේ හිමිකරුවන්ගේ අතිරේක ආදායම් මාර්ගයක් ලෙස යොදාගැනෙන ඒවායි.
ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විශ්ලේෂකයන් පැවැත්වූ එම අධ්‍යයනයට අනුව මෙරට ත්‍රිරෝද රථ රියදුරන් බහුතරයක් වියස අවුරුදු 30 ත් 40 ත් අතර මැදි වයස් කාණ්ඩයේ පුද්ගලයන්.
ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් සියයට 75 ක්ම සාමාන්‍ය පෙළ සමත් නොවූවන් බවද අධ්‍යනයෙන් හෙළිවී ඇති තවත් කරුණක්.
තරුණ පෙළ ත්‍රිරෝද රථ ස්වයං රැකියාවක් ලෙස තෝරා ගැනීම වැලැක්වීමට නම් ඔවුන්ට ඉහළ ආදායමක් මෙන්ම පහසුකම් සහිත රැකියා අවස්ථා සැළසිය යුතු බවද සමීක්ෂණය පැවැත්වූ විශ්ලේෂකයන්ගේ අදහසයි.