Gossips

ලිබියාවේ සිර කඳවුරකින් රැඳවියන් 400ක් පලා යයි

ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර බන්ධනාගාරයකින් රැඳවියන් 400 දෙනෙකු පළාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ආරක්ෂක අංශ සහ රැඳවියන් අතර පැවති ගැටුමකින් අනතුරුව මොවුන් පලාගොස් ඇති බවටයි වාර්තාවන්නේ.
මෙම පිරිසෙන් වැඩි දෙනෙකු හිටපු ජනාධිපති මුවම්මර් ගඩාෆිගේ ආධාරුකරුවන් වන අතර එරට මේ වනවිට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.