Gossips

ලිබියාවේ බන්ධනාගාර ගැටුමෙන් 39 දෙනෙකු මියයයි

ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර බන්ධනාගාරයක ආරක්ෂක අංශ සහ රැඳවියන් අතර සිදුවූ ගැටුමෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගැටුමෙන් 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි.
මෙම ගැටුමේදී රැඳවියන් 400 දෙනෙකු පලාගිය බවට මීට පෙර වාර්තා පළ වුණා.
මෙම පිරිසෙන් වැඩිදෙනෙකු හිටපු ජනාධිපති මුවම්මර් ගඩාෆිගේ ආධාරකරුවන් බව සඳහන්.
මේ වනවිට එරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, පලාගිය රැඳවියන් සොයා මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා.