Gossips

ලිබියාවේ ගැටුමකින් 21 මරුට

ලිබියාවේ – ටි‍්‍රපෝලි අගනුවර අන්තවාදීන් සහ එරට ආරක්ෂක හමුදා අතර, පවතින ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලැබුවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ගැටුම් නවතා සාකචඡා සඳහා අවතීරණ වන ලෙසට දෙපාර්ශවයටම දැනුම් දී ඇති බවයි.
ටි‍්‍රපොලි අගනුවර ගැටුම් උත්සන්න වීමත් සමඟ සංචාරකයින් ද එරටින් පිටව ගොස් තිබෙනවා.
එමෙන්ම ලිබියාව තුල සිටින විදේශිකයින් ද ඉන් ඉවත් වෙමින් පවතින බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ.