ලිබියාවේ මරාගෙන මැරෙන කාර් බෝම්බයක් පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ ලිබියානු – අජ්ඩාබි නගරයේ මාර්ග බාධකයක් අසල මෙම පිපිරීම සිදුව ඇති බවයි.
එහි වගකීම් කිසිවෙකුත් භාර ගෙන නොමැති අතර, පිපිරීමෙන් මාර්ගයේ නවතා තිබූ රථ වාහන 6 කට අලාභ හානි සිදුව තිබෙනවා.
