Gossips

ලිට්රෝ සමාගම ඉදිරිපිට විරෝධතාවක්

ලිට්රෝ ගෑස් සමාගම ඉදිරිපිට අද (04) පෙරවරුවේ භික්ෂුන් වහන්සේලා පිරිසක් විරෝධතාවක නිරත වුණා.
ඒ පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි ප්‍රවර්ධන කටයුතු යටතේ මාසිකව රුපියල් 95,000 ක මුදලක් ලබාදුන් බවට අනාවරණ වීමත් සමඟයි.
එහිදී ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයාට භික්ෂූන් වහන්සේලා විසින් ලිපියක් ද භාර දෙනු ලැබුවා.
මේ, එම විරෝධතාවයට එක්වෙමින් අදහස් දැක්වූ සංහිඳියාව ගොඩනැගීමේ එකමුතුවේ කැඳවුම්කරු, කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී, පූජ්‍ය ගලගම ධම්මරන්සි හිමියන් කියා සිටියේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ලිට්රෝ සමාගමෙන් මූල්‍යමය ආධාර බලාපොරොත්තුවෙන් තමන් වහන්සේ මෙම විරෝධතාව සිදුකරන බවයි.
එසේම ලිට්රෝ සමාගමෙන් විවිධ ආධාර ලබාගත් පුද්ගලයින් එම ආධාරවලින් කුමක් කරනවා ද යන්න සම්බන්ධයෙන් ගැටළු පවතින බව ද පූජ්‍ය ගලගම ධම්මරන්සි හිමියන් කියා සිටියා.