Gossips

ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපතිවරයා විදෙස් ගත වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

තායිවාන – ෆා ඊස්ටන් බැංකුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් පිවිසීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ විදෙස් ගතවීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඊට අදාළ නඩුව අද කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැඳවූ අතර එහිදී සැකකාර හිටපු සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තම සේවාදායකයාට විදෙස් ගත වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.
එහෙත් කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකරු විදෙස් ගත වුවහොත් එය ඉදිරි නඩු කටයුතුවලට බාධාවක් වන බවයි.
තායිවාන – ෆා ඊස්ටන් බැංකුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් පිවිසී ඩොලර් මිලියන ගණනක් ඉවත් කර ගැනීමේ සිද්ධීය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ඔහු පසුව ඇප මත මුදා හැරුණා.