Gossips

ලිට්රෝ ගෑස් නඩුවේ තුන්වන විත්තිකරු නිදොස් කොට නිදහස්

ලිට්රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනාවෙන් මීට අදාළ නඩුවේ තුන්වැනි විත්තිකරු වන නීල් බණ්ඩර හපුහින්න නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළා.
කෙසේ වෙතත්, මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු සෙසු විත්තිකරුවන් තුන්දෙනා කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි විනිසුරු මඩුල්ල තීරණය කළේ.
විත්තියේ නීතිඥයන් මීට පෙර විශේෂ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්තියට අනුව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව සිය සේවාදායකයන් නිදහස් කරන ලෙසටයි.