Gossips

ලිංගික හිංසනයන්ට ලක්වන්නන් හෙළි නොකරන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

දූෂණයට සහ ලිංගික හිංසනයන්ට ලක්වන වින්දිතයින්ගේ නම් සහ අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද එරට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්ට නියෝග කළා.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය එරට පොලීසියට දැනුම් දුන්නේ එවැනි වින්දිතයින්ගේ නම් ප්‍රසිද්ධ නොකරන ලෙසයි.
පසුගිය කාලයේ ඉන්දියාවේ සිදුවූ කාන්තා හා ළමා දූෂණ වලදී වින්දිතයින්ගේ නම් හෙළි කිරීම නිසා ඉන් ඇති වූ අගතිය වැළැක්වීමට ස්වෙච්ඡා සංවිධාන කිහිපයක් විසින් ගොනුකරන ලද පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.