උතුරු කැලිෆෝනියාවේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට ගිනි නිවීමේ ඒකක සදහන් කර ඇත්තේ ලැව් ගිනි වලින් සියයට 30 ක් පමණ මේ වනවිට පාලනය කර ඇති බවයි.
අක්කර එක්ලක්ෂ 25,000 ක පමණ ප්‍රමාණයක ලැව් ගිනි පැතිර ගොස් ඇති අතර, මේ මාසය අවසන් වනතුරු සම්පූර්ණයෙන්ම ලැව්ගිනි මැඩපැවැත්වීමට නොහැකි වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.