Gossips

ලැබ්රෝයි යළි තේරීම් කමිටු සභාපති වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ග්‍රැහැම් ලැබ්රෝයි යළි පත්කර තිබෙනවා.
මීට පෙර ද ඔහු එම තනතුරේ කටයුතු කළ අතර, එහි නිල කාලය පෙරේදා අවසන් වුණා.
ක්‍රිකට් කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ඉදිරියේදී නම් කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ග්‍රැහැම් ලැබ්රෝයිගේ ප්‍රධානත්වයෙන් යුත් ක්‍රිකට් තේරීම් කමිටුවේ වසරක සේවා කාලය පසුගියදා අවසන් වූ අතර ඒ අනුවයි නව තේරීම් කමිටුවක් පත් කළ යුතු බවට වාර්තා පළවුයේ.
කෙසේ වෙතත්, ජාතික කණ්ඩායමේ සහ අනෙක් කණ්ඩායම්වල ඉදිරි තරඟ සංචාර සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ කටයුතු හිටපු තේරීම් කමිටුව විසින් පසුගියදා සිදුකර අවසන් කර තිබෙනවා.
ලබන මාසයේ බංග්ලාදේශය සමඟ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහභාගි වන තරඟාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීමද මේ වනවිට සිදු කර අවසන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීයෙකු සඳහන් කළේ.
ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නව ක්‍රිකට්‌ තේරීම් කමිටුවක්‌ පත්කර එවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ඉකුත් අප්‍රේල් මස ලිඛිතව දන්වා ඇති අතර ඒ අනුව සාමාජිකයන් කිහිප දෙනකුගේම නම් යෝජනා වී තිබූ බවටද මීට පෙර වාර්තා පළවූවා.
කෙසේ වෙතත් පත්කරන නව තේරීම් කමිටුව 2019 ලෝක කුසලාන කණ්‌ඩායම නම් කිරීමේ කටයුත්ත ද සිදුකරනු ලබනවා.