බීමතින් රිය අනතුරක් සිදුකිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ අනුරාධපුර වැඩබලන මහේස්ත්රාත් නදී කුරේරා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගැණුනේ අනුරාධපුර – නව පුත්තලම් මාර්ගයේ බන්ධනාගාරය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකට අදාළවයි.
කේ.ඩී.ලාල්කාන්ත පැදවූ කැබ් රථය සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව තිබූ අතර, යතුරුපැදිය පැදවූ කාන්තාව සහ එහි පසුපස ගමන් කළ ඇගේ 14 හැවිරිදි ඥාති දියණියක අනතුරෙන් තුවාල ලැබුවා.
ඔවුන් මේ වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන බවයි ෂා වාර්තාකරු සඳහන් කළේ.