රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත අද අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊයේ පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගැණුනේ අනුරාධපුර – නව පුත්තලම් මාර්ගයේ බන්ධනාගාරය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකට අදාළවයි.
කේ.ඞී.ලාල්කාන්ත පැදවූ කැබ් රථය සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව තිබූ අතර, යතුරුපැදිය පැදවූ කාන්තාව සහ එහි පසුපස ගමන් කළ ඇගේ ඥාති දියණිය අනතුරෙන් තුවාල ලැබුවා.
ඔවුන් මේ වනවිටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
අනතුර සිදුවන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී.ලාල්කාන්ත බීමතින් සිට ඇති බව මූලික විමර්ශනවලදී තහවුරු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළා.
අනතුරෙන් තුවාල ලැබූ කාන්තාව එප්පාවල – කටියාව පාරේ පදිංචිකාරියක් වන අතර, තුවාල ලැබූ ඇගේ ඥාති දියණිය එප්පාවල – කැලේ දිවුල්වැව ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියක්.
